Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th December 2023 21:09:54 Hours

නල්ලතන්නිය විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථාන උඩමළුව දක්වා සධාතුක කරඬුව වැඩමවීම , ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහභාගීත්වයෙන් සිදු කරන ලදි

ලෝකවාසී ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය උඳුවප්පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වූ අතර, එහිදී සධාතුක ධාතු කරඬුව ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ 2023.12.26 දින නල්ලතන්නි විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථාන උඩමළුව දක්වා ම වැඩම කරවීමේ පුරාණ මහෝත්සවය සඳහා 19 ශ්‍රීලංජාආබමු ඒකක වෙතින් නිලධාරින් තිදෙනෙකු හා සෙසුනිලයින් හැට දෙනෙකු සහභාගී වන ලදී.

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පිරිදී 11 වන පාබල සේනා මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 112 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධීපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එල් එස් දයාවංශ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ 19 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ හා සහභාගීත්වයෙන් යුතුව මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි.