12th July 2025 13:09:43 Hours
23 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ 8 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඕ කේ කේ ගුණරත්න RWP RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.07.07 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් අණදෙන නිලධාරි තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
ඒ අනුව 23 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් ගෞරවාචාරය පුදකරනු ලැබුහ. ඉන් පසුව අණදෙන නිලධාරි තුමන් විසින් කදවුරු භූමිය තුල පැළයක් රෝපණයකර සමූහ ඡායාරූපයකටද පෙනි සිට, සියළු නිලයින් ආමන්ත්‍රණය කර, සුහද පිළිසඳරක යෙදෙමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය.