Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th March 2024 20:38:26 Hours

පාසල් ළමුන් සඳහා සෞන්දර්යාත්මක වැඩසටහනක් පවත්වන ලදි

පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සංකල්පයකට අනුව වාර්ෂිකව දරුවන් උදෙසා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ 2024 වර්ෂයේ තේමාව මුඛ්‍යමාන කරමින් "අගය කළ යුතු දරුවකු වන්නේ කෙසේද" යන තේමාව යටතේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද හපුතලයේ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් ළමුන්, ළමා සමාජ, දහම් පාසල්, සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යයනය ලබන දරුවන් 260 ක් සම්බන්ධ කර ගනිමින් 2024.03.26 වන දින ඉතාමත් සෞන්දර්යාත්මක වැඩසටහනක් පවත්වන ලදි.

තවද, එම වැඩසටහන සඳහා සහභාගි වූ දරුවන් සඳහා උසස් රසාස්වාදයක් ලබාදීම තුළින් ඔවුන්ගේ ආකල්ප ප්‍රවර්ධනය හා සංවේදී ගුණගරුක දරු පිරිසක් සමාජගත කිරීම සඳහා පවත්වනු ලද වැඩසටහනේ ප්‍රධාන ආරාධිත වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස් ආර් බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වූ අතර, අඥාපතිතුමන්ගේ මඟ පෙන්වීම හා උපදෙස් අනුව හෙට දින ලොව දිනන දරුවන් හට අත්වැලක් වීම සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව යුද හමුදා සංගීත කණ්ඩායම ලබාදීම, අනෙකුත් අවශ්‍යතා සපුරා දීම හා බණ්ඩාරවල සිංහ සමාජයේ සත්කාරකත්වය ඇතිව දරුවන් හට සංග්‍රහ කටයුතු කිරීම සිදුකරමින් සත්කාරකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වන ලදී.