23rd May 2025 17:27:57 Hours
මහනුවර කුන්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසලෙහි 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිමේ උත්සවය 2025.05.23 වන දින 1300 පැයට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වූ අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 45 දෙනෙකු හට නිල ලාංජන පැලදවීමට කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
ඒ අනුව එම අවස්ථාව සඳහා පැමිණි සේනාංකාධිපතිව පාසල් ගුරුභවතුන් සහ දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු, උත්සව කටයුතු ආරම්භකරන ලදි. එම අවස්ථාව සඳහා පාසල් ගුරුවරුන් සහ දරු දැරියන්ද සහභාගිවිය.