Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th November 2025 00:00:00 Hours

මහනුවර සේවා මුක්ත භට සංගමයේ ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදා දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කිරීම

ක්ලින් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සේවා මුක්ත භට සංගමයේ සභාපති විශ්‍රාමික බිගේඩියර් ඩබ්ලිව්එම්ඒබි විජේකෝන් විසින් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙත කල ඉල්ලීමකට අනුව සේවා මුක්ත භට සංගමයේ තෙමහල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික් සේවාමුක්ත භට සංගමය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික සන්නද්ධ සේවා සමාජිකයින් වෙනුවෙන් විවිධ සුභ සාධක කටයුතු සිදුකරන අතර, එම සංගමයේ තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් අධියරයන් III ක් යටතේ 112 ඉංජිනේරු සේවා බළඝණයේ වෘත්තිය සෙනින්ගේ දායකත්වය ලබාදි එම සේවාවන් 2025.11.20 වන දින සාර්ථකව ඉටුකර ඇත.