Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st March 2024 22:07:39 Hours

මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවට ආසන්න කැලෑ භූමියේ අතහැර දමා තිබු කොන්ක්‍රිට් වලක වැටි සිටි වන අලි පැටවකු බේරා ගැනීම.

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙතයාබද 12 පාබල සේනාංක මූලස්ථාන පාලන අධික්ෂණය යටතේ රාජකාරින් ඉටුකරනු ලබන යුධ හා නාවික හමුදා භටපිරිස් විසින් 2024 මාර්තු 27 වන දින මෙම සම්මන්ත්‍රණ ශාලාවට ආසන්න කැලෑ භූමියේ අතහැර දමා තිබූ කොන්ක්‍රිට් වලක වැටි සිටි කුඩා වන අලි පැටවකු මරණින් බේරා ගැනීමට සමත් විය.

තවද ඉතා සුළු සීමිත තුවාල සහිතව වල තුල වැටි සිටි මෙම වන අලි පැටවා බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ වනජීවි නිලධාරින් වෙත දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් විසින් පැටවාගේ මව සහ රැලේ සාමාජිකයින් එදින රාත්‍රි 1100 පමණ වන තෙක් ඒවිදැයි සෝදිසි විපරමෙන් පසුවන ලදි. පැටවාගේ මව නොපැමිනීම හේතුවෙන් උඩවලවේ ඇත් අතුරු සෙවන වෙත දැනුම් දීමෙන් අනතුරැව එම ස්ථානයෙන් පැමින අලි පැටවා රුගෙන යන ලදි.