Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 15:18:23 Hours

මේඡර් ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී මෙම මුල 7 වන ආඥාපති වශයෙන් රාඡකාරී භාරගැනිම

මෙම මූල හත්වන ආඥාපති වශයෙන් මේඡර් ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී නව තනතුරෙහි මෙම මූල කදවුරැ පරිශ්‍රයේදී 2017.06.04 වන දින පෙ.ව. 1056 පැයට යෙදුන සුබ මොහොතින් පිරිත් සත්ඡායනාව මධ්‍යයේ පොල්තෙල් පහන් දල්වා රාඡකාරී ආරමිභ කරන ලදී

එමෙන්ම 2017.06.05 වන දින නව ආඥාපති වෙත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙඡිමේන්තුවෙහි භඨපිරිස් විසින් කදවුරු සමිමාන මුරයක් සහ සමිමාන පෙළපාලියක් මෙම මූල රොන්ඩවි සරඹ භූමියේදී පිරිනමන ලද අතර, මෙම අවස්ථාව සදහා 11 වන හා 12 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් 111 බසේමු සහ 121 බසේමුහි බළසේනාධිපතිවරුන් හා මෙම මූලය යටතේ පාලනය වන ඒකක අණදෙන නිලධාරී සහ මෙම මූලයෙහි රාඡකාරී නියුතු ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නිලධාරින්/නිලධාරිනියන් හා සෙබළ/සෙබළියන් සහභාගී වන ලදී

තවද, ආඥාපති විසින් මෙම මූලය හා යටතේ පාලනය වන ඒකකයන්හි නි/සෙසුනිලයින් අමතන ලද අතර, සොල්දාදුවන් වශයෙන් රටේ පවතින සෑම හදිසි ආපදාවන් අවස්ථාවකදී නිරන්තරයෙන්ම සූදානමිව සිටිය යුතු බවත් එබැවින් ආපදා තත්වයක් ඇති වුව හොත් ඒ සදහා ධනාත්මක සිතිවිලි පහල කරමින් උරදී ක්‍රියා කල යුතු බව ආඥාපති විසින් ප්‍රකාශ කල අතර, යුද්ධ හමුදාව පරිහානියට නොයන අයුරින් තම නිළ ඇදුමේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම ක්‍රියා කල යුතු බව සියලු දෙනා විසින් අධිෂ්ඨාන කරගත යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී

නව ආඥාපති මේඡර් ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ 1984 මාර්තු මස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නිලධාරී බදවා ගැනීමේ පාඨමාලා අංක 19 යටතේ කෙඩෙටි නිලධාරියෙකු ලෙස බැදී යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව වෙතින් මූලික යුධ හමුදා පුහුණුව හදාරා, 1985 නොවැමිබර් මස 16 වන දින අධිකාරියට පත් වෙමින් පසුව ශ්‍රී ලංකා සිංහ රෙඡිමේන්තුව වෙත ඇතුලත් වන ලදී

මෙම ඡ්‍යෙෂ්ඨ නිලධාරී ඔහුගේ යුධ හමුදා සේවා කාලය තුල 55 වන සේනාංකයේ කර්නල් ප්‍රමානි වශයෙන්ද 551 වන බළසේනාවේ බළසේනාධිපති වශයෙන්ද, 51 වන සේනාංකය, 55 වන සේනාංකය, 59 වන සේනාංකය සහ 22 වන සේනාංකයන්හි සේනාංකාධිපති වශයෙන්ද පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයෙහි අධ්‍යක්ෂක වශයෙන්ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයන්හි සේනාවිධායක වශයෙන් හා සුබසාධක අධ්‍යක්ෂක මණ්ඩලයෙහි අධ්‍යක්ෂක වශයෙන් හා ආරක්ෂක මාණඩලික ප්‍රධානී කාර්යාලයේ ආරක්ෂක ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වැනි යුද්ධ හමුදාව තුල ඉතා වැදගත් තනතුරු මෙම මූල ආඥාපති ලෙස වැඩ ආරමිභ කිරීමට ප්‍රථමයෙන් හොබවා ඇත. තවද මෙම ඡ්‍යෙෂ්ඨ නිලධාරී තම නොකැලැල් සේවය අගයමින් පදක්කමි රාශියක් හිමිකරගත් නිලධාරියෙකු බව වැඩිදුරටත් පෙන්වා දෙමි