Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th November 2025 00:00:00 Hours

යුද්ධ හමුදා භඨ පිරිස් විසින් අවතැන් වු පුද්ගලයින් සදහා කෑම පාර්සල් 1500 ක ප්‍රමාණයක් බෙදා දීම සිදුකරන ලදි

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති 122 පාබල බසේමූ වෙතින් පාලනය වන 3 ශ්‍රිලංජාආබමු ඒකකයේ භඨ පිරිස් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ෂන්මුගන් දෙමළ විද්‍යාලය පිරිසිදු කිරිම් කටයුතු සිදු කරන ලදි.

තවද කතරගම මැණික් ගග පිටාර ගැලිම හේතුවෙන් ප්‍රදේශයේ අවතැන් වු සිවිල් ජනතාව වෙනුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ දායකත්වයෙන් යුතුව කෑම පාර්සල් 1500 ක ප්‍රමාණයක් යුද්ධ හමුදා භඨ පිරිසගේ සහය ඇතිව ඔවුන් හට බෙදා දිම සදහා කටයුතු කරන ලදි.