Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th June 2022 09:00:40 Hours

යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව හදිසි ප්‍රථිකාර ඒකකය වෙත විශේෂිත ඇඳන් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ පිහිටි දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත විශේෂිත ඇඳන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022.06.10 වන දින පවත්වන ලදි.

1 වන ගැමුණු හේවා බලඇණියේ නිර්මාතෘ මෙන්ම පළමු අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි ඉටුකරනු ලැබූ දිවංගත බ්‍රිගේඩියර් ජේ එ‍ෆ් හලංගොඩ වීඑස්වී ශ්‍රීමතානන්ගේ 32 වන ගුණානුස්මරණයට සමඟාමීව එතුමන්ගේ පුතණුවන් වන 1 ගැහේබ 13 වන අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි ඉටුකරනු ලැබූ විශ්‍රාමික බ්‍රිගේබියර් එච් එන් හලංගොඩ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, එම පවුලේ සාමාජිකයින් හා ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ශ්‍රිලංකා සම්මේලනයේ සාමාජික මහත්ම මහත්මින්ගේ ත්‍යාගශීලී දායකත්වය මත යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව හදිසි ප්‍රථිකාර ඒකකය වෙත එම විශේෂිත ඇදන් පරිත්‍යාග කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා විශ්‍රාමික බ්‍රිගේබියර් එච් එන් හලංගොඩ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.