Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th April 2018 08:15:36 Hours

යුධ හමුදා සාමාජිකයින් වෙත මානව හිම්කමී හා මානුෂවාදි නිතිය පිලිබද දැනුවත් කිරිමේ වැඩමුලුවක් පැවැත්වීම

යුධ හමුදා සාමාජිකයින් වෙත මානව හිම්කමී හා මානුෂවාදි නිතිය පිලිබද දැනුවත් කිරිමේ වැඩමුලුවක් මානව හිම්කමී හා මානුෂවාදි නිති අධ්‍යකෂ මණ්ඩලයේ උපදෙස් පරිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ‍ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මගපෙන්වීම මත බදාදා පුහුණු වීම් වැඩසටහනට සමගාමීව මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් අසේමු (මධ්‍යම) හා යටතේ පාලනය වන සියලුම ඒකකයන් හා පුහුණු පාසල්හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 14 x 259 දෙනකුගේ සහභාගිත්වයෙන් අගනා දේශණයක් ඌව පලාත් ප්‍රාදේශිය සම්බන්ධිකරණ නිලධාරි ජගත් වික්‍රමසිංහ මහතා විසින් යුද්ධ හමුදා විද්‍යාපිඨ ටෝච් සිනමා ශාලාවේදි 2018.04.04 වන දින පවත්වන ලදී.

එහිදි සිවිල් සමාජය තුල ඇතිවන නොයෙකුත් දූෂණ හා අපරාධ ක්‍රියා පිලිබඳ ඉතා දිර්ඝ ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග පිලිබඳව පැහැදිලි කල අතර, ඉදිරියේදි සිවිල් සමාජය තුල මානව හිමිකම් උල්ලංඝනය වන අපරාධ වලට යුද්ධ හමුදා සාමාජිකයින් ඉදුරාම සම්බන්ධවීම වැලක්වීම සඳහා ඉවහල් වන ඉතා වැදගත් කරුණු රාශියක් දේශණ‍යේදි පැහැදිලි කර දෙන ලදී.