Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2023 10:00:00 Hours

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් සිවිල් සේවක මහතුන් උදෙසා වියළි සලාක මළු බෙදාදෙන ලදී

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සිවිල් ‍සේවක මහතුන් සඳහා වියළි සලාක මළු බෙදාදී‍මේ උත්සවයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.04.12 වන දින මෙම මූලස්ථානයේදී සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් යුතුව සිවිල් ‍සේවක මහතුන් 55 දෙනෙකු වෙත වියළි සලාක මළු බෙදාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා මෙම මූලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරීන් සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.