Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2024 00:00:00 Hours

වැල්ලවාය හඳපානාගල මෙත් සේවා පදනම මගින් රැකබලා ගනු ලබන විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සඳහා විනෝදාත්මික රාත්‍රියක් ලබාදීම

12 වන පාබල සේනාංක බලපදේශයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හඳපානාගල ප්‍රාදේශීය මෙත් සේවා පදනම මඟින් විශේෂ අවශ්‍යතා සහිත අයවලුන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නිවෙස්නෙහි සිටින නිවැසියන් 128 දෙනෙකු හට ප්‍රණීත රාත්‍රී ආහාර වේළක් ලබා දී කැලිප්සෝ සංගීතය සමඟ එක් වූ විනෝදාත්මක රාත්‍රයක් සංවිධානය කිරීම 20 ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 2024.01.30 වන දින සිදුකරන ලදී.

මෙහිදී දානපතීන්ගේ දායකත්වයෙන් යුතුව සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදුකරන ලද අතර මෙම වැඩසටහන සඳහා 121 පාබල බසේමු බලසේනාධිපති සහ 20 ශ්‍රී ලංසිරෙ අණ දෙන නිලධාරී ඇතුළු නිලධාරීන්/සෙසුනිලයින් පිරිසක් සහභාගී වන ලදී.