Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st December 2021 20:02:33 Hours

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩමළුව දක්වා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ‍සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ වැඩම කරවීම

ශ්‍රි පාද වන්ඳනා සමය ආරම්භ කරමින් නල්ලතන්නියේ සිට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ශ්‍රි පාද මළුව දක්වා 2021.12.18 වන දින වැඩමවන ලදී

මෙම උතුම් වු පුණ්‍ය කටයුත්ත සඳහා 19 වන ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ ශ්‍රමදායකත්වය දැක්වු අතර, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව 112 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්‍යමය කටයුත්ත සාර්ථක ලෙස නිම කරන ලදී.‍