Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2024 21:41:53 Hours

ශ්‍රී ලංකා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ සහයක ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් හමුවේ

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ශ්‍රී ලංකා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ සහයක ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන ලුතිතන් කර්නල් මන්දීප්සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.02.19 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.

එහිදී දෙදෙනා අතර සුහද හමුවක් පැවැත්වු අතර, ආඥාපති තුමන් විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සංචාරයේ නිරත එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.