Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th July 2023 08:30:00 Hours

සෙබළ සිතට දහම් සිසිල කාලීන සුමදුර ධර් ම දේශණාවක් පැවැත්වීම

මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් “සෙබළ සිතට දහම් සිසිල” කාලීන සුමදුර ධර්ම දේශණාවක් පවත්වන ලදි.

17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සංවිධානත්වයෙන් 2023.07.08 වන දින 0800 පැයේ සිට 1100 පැය දක්වා එම කඳවුරු භූමියේදී “සෙබළ සිතට දහම් සිසිල” කාලීන සුමදුර ධර්ම දේශණාව පවත්වන ලද අතර එම සුමදුර ධර්ම දේශණාව අති පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විසින් මෙහෙයවන ලදි.

එම අවස්ථාව සඳහා මෙම මූල ආඥාපති තුමන්, මෙම මූලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මෙම මූලය යටතේ පාලනය වන 8 ශ්‍රිලයුසේබ, 7 ශ්‍රිලයුපොහේබ, 2 (සෙව්) ශ්‍රිලවියාඉරෙ, 4‍ (සෙව්) ශ්‍රිලයුයුබ, යුහමුරෝ (දිය) ඒකකයන්ගේ අණදෙන නිලධාරින් ඇතුළු එම ඒකකයන්හී නිලධාරීන්, සෙසු නිලයින් සිවිල් සේවක මහතුන් ඇතුළු 600කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන ලදි.