Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2025 15:52:31 Hours

හන්තානේ අතරමංවු පුද්ගලයින් අටදෙනෙකු යුද්ධ හමුදා භට පිරිස් විසින් බේරා ගනි

හන්තාන කඳු ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණ අතරමංවි සිටි තලාතුඔය රටේමුල්ල, ප්‍රදේශයේ පදිංච් අටදෙනෙකු (ගැහැණු 01- පිරිමි 07 ) යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් සමත්වි ඇත.

2025 ජුනි මස 28 වන දින හන්තාන කඳු ප්‍රදේශය තරණය කර සවස් කාලයේ ඇතිවු වර්ෂාපතනය හා අධික මීදුම හේතුවෙන් ඔවුන්ට ආපසු මාර්ගය සොයා ගැනීමට නොහැකීව අතරමංවි සිට ඇති අතර, ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 11 වන පාබල සේනාංක මුලස්ථානයේ හා 111 පාබල බළසේනාවේ මඟ පෙන්වීම යටතේ 2(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 02×08 ක භට පිරිසක් විසින් 2025 ජුනි මස 29 වන දින අළුයම 0245 පැයට පමණ ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදි