01st July 2025 16:25:32 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව 12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කටුවැව “ශාසනලෝක රජමහා විහාර” පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025.06.26 සහ 27 යන දිනයන්හීදී 12 වන පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරී කරනු ලබන භටපිරිස් විසින් සිදු කරන ලදි.
ශාසනාලෝක රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමට අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම උතුම් කාර්ය්‍ය සිදු කරන ලදී.