Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th June 2023 09:30:00 Hours

හල්දම්මුල්ල‍ සොරගුණේ අමිලගම කණිෂ්ඨ විද්‍යාල‍යේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ‍ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වී හා ඍජු අධික්‍ෂණය යටතේ අධ්‍යන කටයුතු සිදුකරනු ලබන පාසල් ළමුන්ගේ සහ ඵම දරුවන්ගේ දෙමාපියන්ගේ ජීවිකාවට කිසියම් අස්වැසිල්ලක් සැලසිමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ හල්දුම්මුල්ල සොරගුණේ බ/අමිලගම කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් වෙත ලිපි ද්‍රව්‍ය හා දරු දැරියන් වෙත පාසල් උපකරණ, පාවහන් කට්ටල හා කෙටි ආහාර ලබාදිමේ වැඩසටහනක් ඇමරිකාවේ දකුණු කැරොලිනා හි නිව් සවුත්වෙල්ස් රෝහලේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය මැතිණියගේ අනුග්‍රාහකත්වයෙන් “නෙත් එෆ්එම්” රේඩියෝ නාලිකාවේ ඉහළ කළමණාකාරන අංශ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සහ ඵම නාලිකාවේ නිවේදක/නිවේදිකාවන් විසින් දරුවන් සම්බන්ධ කර ගනිමින් වි‍ශේෂ ඉදිරිපත් කිරිමේ වැඩසටහනක් 2023.06.17 වන දින එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.

මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ‍ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, සිවිල් (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුලු නිලධාරීන්, නිලධාරීනියන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදී.