Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th December 2023 15:27:58 Hours

හල්දුම්මුල්ල කැලිපනාවෙල නායයෑම හේතුවෙන් අවතැන්වු සිවිල් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොස්ලන්ද කැලිපානාවල ග්‍රාමයේ කොටසක් 2023.12.11 වන දින නායයෑමට ලක්වු අතර එම ගම්මානයේ නිවාස 06 සම්පුර්ණයෙන්ම විනාශ වි ඇත. එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම හේතුවෙන් නිවාසවල පදිංචිව සිටි සිවිල් වැසියන් ආරක්‍ෂක ස්ථාන වලට යොමු කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සිදුකර ඇත.

තවද, සිවිල් වැසියන් 250 ක පමණ ප්‍රමාණයක් එහා අවතැන්ව ඇති අතර, වයෝවෘද්ධ පුද්ගලයින්, ගැබිණි කාන්තාවන් මෙන්ම කුඩා දරුවන්ද ඒ අතර බහුලව සිටින බැවින්, අධික වර්ෂාව හා ස්වභාවික හේතුන් මත එම අයවළුන් මානසිකව හා ශාරීරික වශයෙන් ඉතා දුර්වල වී ඇත. එ අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අධීක්‍ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ සහ ගිලන්රථ සේවාවන් යුද්ධ හමුදා මූලික රෝහල (දියතලාව) වෙතින් ලබා දී, කොස්ලන්ද කැලිපානාවල ග්‍රාමයේ අවතැන් වු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම හා අසනීපයෙන් පෙලෙන්නන් සදහා ප්‍රථිකාර කිරිමට වෛද්‍ය සායනයක් 2023.12.13 වන දින පවත්වන ලදි.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) වැඩබලන ආඥාපති 11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒඑම්ඒ අ‍බේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, 112 පාබල බසේමු හී බලසේනාධීපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එල් එස් දයාවංශ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වන ලදී.