18th March 2021 18:44:29 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.03.16 සහ 17දෙදින තුල දළඳා මාළිඟාව වැදපුදා ගනිමින් 11 පාබල සේමු, 111 බසේමු සහ ඒ යටතේ ඇති ඒකකයන් වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
ආඥාපතිතුමන් 17 වන දින උදෑසන ශ්‍රී දළඳා මාළිඟාව වැඳපුඳා ගනිමින් මල්වතු අස්ගිරි හිමිපාණන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් ශ්‍රී දළඳා මාළිඟාවේ දියවඩන නිළමේ තුමන්ව හමුවී මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමාද හමුවන ලදී. ඉන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 11 වන පාබල සේනාංක මූලස්ථානය, 111 පාබල බලසේනා මුලස්ථානය, 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ නව යුද්ධ හමුදා රෝහල, ශ්‍රි ලංකා රයිෆල් බළකාය, ලක්ෂපාන ජල විදුලි බලාගාරය හා 19 ජාතික ආරක්ෂක බලමුළුව යන ස්ථානයන්හීද නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි.
මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් එම් පී බී සමරකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 111 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් ආර් බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී, 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව් ඩබ්ලිව් වී ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.