Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 15:53:39 Hours

7 වන සංඥා බලකාය නව අභිනව ඉදිකිරිමි විවෘත කරයි

7 වන සංඥා බලකාය විසින් අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි පරිශ්‍රය 2017 දෙසැමිබර් මස 18 වන දින විවෘත කරන ලදි. එම අවස්ථාව සදහා සංඥා බලකායේ බලකාධිපති හා ප්‍රධාන සංඥා නිලධාරි වන මේඡර් ජෙනරල් බි එචි එමි ඒ විඡේසිංහ යුඑස්පි එන්ඩ්යු පිඑස්සි මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඩි ඒ පි එන් දෙමටන්පිටිය එන්ඩියු පිඑස්පි සහභාගි වන ලදි.

මෙහිදි අභිනවයෙන් ඉදිකරන ලද බුදුමැදුර ප්‍රධානත්වය ගත් අතර එදිනම මර්කරි මිනි මාටි සාප්පු සංකිර්ණයද විවෘත කරන ලදි. එම සාප්පු සංකිර්ණය සුභසාධක වෙළද සැලකින්, කරණවැමි හලකින්, මැහුමි හලකින් හා ආපන ශාලවකින්ද සමන්විත වේ.

එමෙන්ම නවතමයෙන් ඉදිකරන ලද මුර කුටිය මෙන්ම මුලුතැන්ගෙයද එදින විවෘත කරන ලදි මෙම නව ඉදිකිරිමි සියල්ල සංඥා බලකායේ බලකාධිපති හා ප්‍රධාන සංඥා නිලධාරි වන මේඡර් ජෙනරල් බි එචි එමි ඒ විඡේසිංහ යුඑස්පි එන්ඩ්යු පිඑස්සි මෙන්ම තොරතුරු තාක්ෂණ අධික්ෂක බ්‍රිගේඩියර් ඩි ඒ පි එන් දෙමටන්පිටිය එන්ඩියු පිඑස්පි විසින් පරික්ෂා කළ අතර, උත්සවය අවසානයේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් 7 ශ්‍රීලංසංබ විසින් සංවිධානය කර තිබුණි.