Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 16:40:41 Hours

ඡාතික උ‍ළෙලක් සදහා ආසේමු(මධ්‍යම) හි සහය

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති සියලු ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ශ්‍රීපාදස්ථානයෙහි වාර්ෂිකව ඡනාධිපතිතුමා ඇතුලු සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ට ආශිර්වාද කිරීමට හා රටදැය වෙනුවෙන් ඡීවිත පූඡා කළ රණවිරුවන්ට පිං පැමිනවීම හා ආබාධිතව රණක්ෂිතයට පත්වූ රණවිරුවන්ට නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන පවත්වනු ලබන පිරිත් සත්ජායනාව හා දානමය පුණ්‍ය කර්මය මෙවරත් 2018.01.01 ට යෙදී ඇති දුරුතු පොහෝ දිනයේදී බැතිමතුන් බොහෝ පිරිසකගේ දායකත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී

මෙම පුණ්‍ය කටයුත්ත ස‍දහා යුද්ධ හමුදාධිපති තුමාගේ පූර්ණ උපදෙස් හා මගපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2017.12.30 වන දින සහ 2017.12.31 යන දෙදින තුල මෙම ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන ඒකකයන් වෙතින් නිළධාරී 01 ක් සහ සෙසුනිළයින් 66 ක්ද 112 බළසේනා මූලස්ථාන යටතේ ස්ථානගත 3 (සෙවි) ශ්‍රීලංසිරෙ හා 19 ශ්‍රීලංඡාආබමු ඒකකයන් වෙතින් නිලධාරී 02, සෙසුනිළයින් 60 කගෙ සහභාගිත්වයෙන් නල්ලතන්නියේ සිට ශ්‍රි පාද පත්මය දක්වා දානමය පුණ්‍ය කර්මය සදහා අවශ්‍ය කි.ග්‍රෑමි. 1500 කට වඩා බරින් යුතු ද්‍රව්‍යයන් තම විඩාව හා දැඩි සීතල කාළගුණයද නොතකා ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් ශ්‍රී පාද පත්මය දක්වා රැගෙන යන දැඩි සීතල කාළගුණයද නොතකා ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් ශ්‍රී පාද පත්මය දක්වා රැගෙන යන ලදී

තවද, ඉහත සදහන් ද්‍රව්‍යන් ශ්‍රී පාද පත්මයට රැගෙන යාමෙන් පසු නිලධාරීන් 03 සහ සෙසුනිලයන් 126 දෙනෙකු සහභාගී කරවා මෙම මූල ආඥාපති තුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දිවෙන මාර්ගය දෙපස බැතිමතුන් විසින් දමා ගොස් ඇති ප්ලාස්ටික් බෝතල් සහ දිරාපත් නොවන අප ද්‍රව්‍ය එක්රැස් කර එම අපද්‍රව්‍යයන් හැටන් නගර සභා නියෝඡිතයා හට භාර දෙන ලදී. එම අවස්තාවේදී ශ්‍රීපාද මලුවේ අසනීප තත්වයෙන් සිටි රෝගියෙකු එම භඨපිරිස් විසින් තම කරමතින් නල්ලතන්නිය දක්වා රැගෙන ඒමටද දායකත්වයන් ලබාදෙන ලදී.