Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 16:12:20 Hours

ආසේමු(මධ්‍යම) ආඥාපති 11 වන සේනාංකයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙයි

මෙම මූල ආඥාපති මේජර් ඡෙනරල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 2017 අගෝස්තු මස 01 වන දින 11 සේමු බලප්‍රදේශයේ සංචාරය සිදුකරන ලදී.

එම සංචාරයේදී පළමුව ශ්‍රි දළදා මාලිගාව වැඳපුදා ගැනීම, අස්ගිරි සහ මල්වතු මහා විහාර ස්වාමීන් වහන්සේලා බැහැදැකීම සිදුකල අතර, එම ස්වාමීන් වහන්සේලා විසින් මෙම මූල ආඥාපති ලෙස වැඩභාරගැනීම නිමිත්තෙන් නව ආඥාපති වෙත තුනුරුවන්ගේ ආශිර්වාදය කර සිටින ලදී.

ඉන් අනතුරුව නව ආඥාපති 11 සේමු වෙත සංචාරය සිදුකල අතර, ආඥාපති වෙත 5 (සෙවි) ශ්‍රිලපාහ භඨපිරිස් කදවුරු සමිමාන මුරයක් පිරිනැමීමෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ 11 සේමු සේනාංකාධිපති, 111 සහ 112 බසේමුහි බළස්නාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ එම සේනාංකයේ සියලුම නිලධාරීවරුන් සමග කෙටි සුහද පිළිසදරක ආඥාපති නිරතවන ලදී. තවද, එම සංචාරය සනිටුහන් කරවනු වස් අමුත්තන්ගේ සමරැ පොතෙහි ආඥාපති විසින් සටහන් තැබීමක්ද සිදුකරන ලදී.

තවද, එදිනම ආඥාපති 111 බළසේනා මූලස්ථානය වෙත සංචාරය කල අතර, එම බසේමුහි නිලධාරීන් ඇමතීමෙන් අනතුරැව එම සංචාරය සනිටුහන් කිරීම වස් සමරැ පොතෙහි සටහන් තැබීමක්ද සිදුකරන ලදී.