Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 16:30:27 Hours

විරු කැකුළු පෙර පාසලෙහි නව බුදු මැදුර සඳහා මුල් ගල තබයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වා ගෙන යනු ලබන දියතලාව විරුකැකුලු පෙර පාසැල හා දිවා සුරැකුමි මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර සදහා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්ද්‍රිකා සේනානායක මැතිනියගේ ප්‍රධනානත්වයෙන් 2017 සැප්තැමිබර් මස 14 වන දින උදැසන 1045 යෙදුණු සුභ මොහොතින් මුල්ගල තබන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය හට දියතලාව විරැකැකුලු පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකු විසින් මල් කලඹක් දී පිළිගත් අතර, මහා සංඝ රත්නයේ පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ යෙදුණු සුබ මොහොතින් මුල්ගල තැබීම සිදුවිය. මෙම යෝඡිත නව බුදු මැදුර සදහා රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය වී ඇති බැවින් ඒ සදහා විරුකැකුලු පෙර පාසලේ ඉගෙනුම ලබන දු දරුවන්ගේ දෙමාපියන් විසින් රුපියල් ලක්ෂ 03ක දායකත්වයක් දරනු ලබයි.

මෙම අවස්ථාව සදහා පෙරපාසල් ව්‍යාපෘති භාර රේඛා සේනාධීර මැතිණිය, දියතලාව විරුකැකුලු පෙරපාසල් අධීක්ෂණය භාර ඡ්‍යෙෂ්ඨ සාමාඡිකා තනුඡා ඩයස් මැතිණිය හා ආසේමු (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අයිඡී ඇතුලු ඡ්‍යෙෂ්ඨ නිධාරීන් පිරිසක් හා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.