Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 17:11:44 Hours

පකිස්තාන යුධ හමුදාපති 11 සේනාංක සංචාරයක නිරත වෙයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ පකිස්ථාන් යුද්ධ හමුදාධිපති ඡෙනරාල් ක්වාමාර් ඡාවේඩි බඡ්වා එන්අයි (එමි) (Pakistan Chief of the Army Staff - General Qamar Bajwa NI (M)) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සහ පැමිණි පවුලේ සාමාඡිකයින් 2018 ඡනවාරි මස 15 වන දින සංචාරයක් සිදුකරණ ලදී.

මෙම සංචාරයේදී ශ්‍රී දළදා මාලිගාව නැරඹීමෙන් පසු දිවා ආහාරය සදහා සහභාගී වන ලද අතර, මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා ආඥාපති තුමන් මෙන්ම 11 වන සේනාංකාධිපති හා 21 සේනාංකාධිපති ඇතුලු ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.