Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 17:30:27 Hours

නේපාල යුධ හමුදාපති 11 සේනාංකයේ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ නේපාල යුද්ධ හමුදාධිපති ඡෙනරාල් රාඡේන්ද්‍ර චේටිරි (Chief of the Army Staff of Nepal Army - General Rajendra Chhetri) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2018 ඡනවාරි මස 20 වන දින සංචාරයක් සිදුකරන ලදී.

මෙම සංචාරයේදී ශ්‍රී දළදා මාළිගාව හා ශ්‍රී දළදා මාලිගාවේ කෞතුකාගාරය යන ස්ථානයන් නැරඹීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගී වන ලද අතර, පැමිණි පවුලේ සාමාඡිකයින් විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානය නරඹන ලදී. මෙම අවස්ථාව සදහා නේපාල් යුද්ධ හමුදාධිපති තුමන් මෙන්ම ආරක්ෂක සේනා ආඥාපති තුමා, 11 වන සේනාංකාධිපති හා 58 වන සේනාංකාධිපති ඇතුලු ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.