Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 17:38:53 Hours

ඇමෙරිකා එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් ආසේමු(මධ්‍යම) සංචාරය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී හමුවීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුහමු අනුමැතිය ඇතිව United States Pacific Commad නියෝඡනය කරමින් ඇමෙරිකා යුද්ධ හමුදාවේ සේවය කරන කපිතන් ඡෙෆ්රේ බෙන්ටන් (CAPT Jeffrey Benton) යන නිලධාරී සහ මා/සැරයන් සීන් අයර්ලනඩි (SFC Sean Ireland) යන ඡ්‍යෙකොනොනි 2018.01.30 වන දින මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී. ඔවුන්ගේ පැමිණීමේ ප්‍රධාන අරමුණ වූයේ යුධ හමුදා සාමාඡිකයන්ගේ මැදිහත්වීමෙන් මෙම ආරක්ෂක සේනා බලප්‍රෙද්ශය තුල සිදුකරනු ලබන හදිසි ආපදා සහන ලබාදීම, සිවිල් ඡනතාවගේ සුභසාධනයන් සදහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හා පරිසරය ආරක්ෂා කිරීමට සිදුකරනු ලබන හමුදා දායකත්ව සැබැදිව සාකචිඡා කිරීම සහ එවැනි ක්‍රියාකාරකම් හා පරිසරය ආරක්ෂා කිරීමට සිදුකරනු ලබන හමුදා දායකත්වය සැබැදිව සාකචිඡා කිරීම සහ එවැනි ක්‍රියාකාරකම් සදහා ඔවුන් වෙතින් ලබාදිය හැකි උපකාර සැබැදිව සාකචිඡා කිරීමයි.

ඔවුන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති හමුවීමෙන් අනතුරුව මෙම සාකචිඡාව ආමුයුහපු සාකචිඡා ශාලාවේදී මෙම මූල කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් සී එස් මුණසිංහ ඩබිලිවිඩබිලිවිපී ආර්ඩබිලිවිපී ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 11 සේනාංකය හා 12 සේනාංකය නියෝඡනය කරමින් මානි 2 හා 3 ශ්‍රේණියේ නිලධාරීන් 6 දෙනකුගේද සහභාගීත්වයෙන් පවත්වන ලදී. එහිදී මෙම මූල බළප්‍රෙද්ශයේ ආපදා කළමණාකරණ කටයුතු මහඡන සමිබන්ධතා ගොඩනැගීමේ ක්‍රියාකාරකම් හා පරිසරය ආරක්ෂා කිරීමේ කටයුතු සදහා යුධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන දායකත්වය පිළිබදව ඔවුන් ඉතාමත් පැහැදීමට පත්වූ අතර, එම කටයුතු සිදු කිරීම සදහා ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගය ලබාදීමට ඇති හැකියාව පිළිබදව නැවතත් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති සමග දීර්ඝ ලෙස සාකචිඡා කරන ලදී.