Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd May 2018 13:43:58 Hours

11 වන සේනාංකය වෙතින් දන්සලක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මහ මෙව්නා භාවනා අසපුවෙහි වෙසක් පොහෝදින සිල් සමාදන්වු උපාසක උපාසිකාවන් සඳහා දහවල් දානය පිළියල කිරිම වෙනුවෙන් 11 සේනාංකයේ රාජකාරි නියුතු 01 x 25 කින් යුත් භඨපිරිසක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම මත තම දායකත්වය 2018.04.29 වන දින ලබා දින ලදි.

ඒ අනුව කුණ්ඩසාලේ මහ මෙව්නා භාවනා අසපුවෙහි විහාරාධිපති පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේ විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේනාංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ එම සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරි/ සෙසුනිළයින් විසින් තත් කාර්යය ඉතා සර්ථකව ඉටුකරන ලදි.