Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2018 10:23:38 Hours

ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලිය 2018

ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලිය 2018 මැයි මස 07 සහ 08 යන දිනයන්හීදි නුවර එලිය ගොල්ෆ් ක්ලබ් ක්‍රිඩා පිටියේදී පැවැත්වු අතර, කාන්තා ශූරතාවය සහ පිරිමි අනුශුරතාවය යුද්ධ හමුදාව සතුවිය.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වු අතර, යුද්ධ හමුදාව නියොජනය කරමින් විවෘත තරඟ සදහා මේජර් ජෙනරාල් එන් ඒ ධර්මරත්න ඩබිඩබිව් ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි, මේජර් ජෙනරාල් එචි ජේ එස් ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සී හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි විය.

එහිදි දක්ෂතම ක්‍රිඩීකාවට හිමි සමිමානය ශ්‍රි ලංකා යුධ හමුදා ගොල්ෆ් කණ්ඩායමේ ලාකෝ රත්නායක ආර්එමිඒසි විසින් දිනා ගනු ලැබු අතර, එම අවස්ථාවන් ආවර්ණය වන පරිදි ලබා ගන්නා ලද ඡායාරූප මේ සමග විද්‍යුත් තැපැල මගින් ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන බව මින් දන්වා සිටිනු ලැබේ.