Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th May 2018 21:40:57 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් 30 වසරක කුරිරු යුද්ධය නිමාකල රණවිරුවන් සැමරිම

ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කොටගෙන වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු සැමරුම් උත්සවය මෙවරත් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුලයේ රාජකාරි කරනු ලබන ජ්‍යේෂ්ඨ නිළධාරින් හා සෙසුනිළයි‍ගේ සහභාගිත්වයෙන් 2018.05.18 වන දින සිදු කරන ලදි.

ඒ අනුව මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරන බ්‍රිගේඩියර් කේ ප්‍රේමතිලක ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරි සහ සෙව්බපුපා සේනාවිධායක යන ජ්‍යේෂ්ඨ නිළධාරින්ගේ සුරතින් ආසේමු ධජය සහ සෙව්බපුපා ධජයන් ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගිතය ගයනා කිරිමෙන් පසු මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 02 ක නිශ්ශබ්ද තාවයක් පවත්වා ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන් විසින් නිකුත් කරනු ලැබු පණිවිඩය හා ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන් විසින් නිකුත් කළ පණිව්ඩය මෙම මුල රාජකාරි නියුතු සියලුම නිළයන්හට බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි තුමන් විසින් ඉදිරිපත් කරන ලදී

තවද, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තුමාගේ ප්‍රධානත්වයෙන් සියළු නිළ භෝජන සංග්‍රහයක් පැවැත්වු අතර, සවස් භාගය වන විට මියගිය ආබාධිත රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ ධර්ම දේශනා පිංකමක් සෙව්බපුපා ප්‍රධාන දේශණ ශාලාවේදි පවත්වන ලදි