Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st May 2018 09:27:43 Hours

ඉන්දිය යුද හමුදාධිපතිගේ ආසේමු (මධ්‍යම) බළප්‍රදේශ සංචාරය

ආසේමු (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති මහනුවර නගරය වෙත ඉන්දිය හමුදාධිපති General Bipin Rawath, UYSM,AVSM,YSM,SM,VSM,ADC,ප්‍රධානි ඇතුලු එම මැතිණිය සහ දුත පිරිස 2018.05.15 වන දින 1400 පැයට පමණ ගුවන් මගින් පැමිණෙන ලදි.

තවද, එදින විශේෂිත අංගය වශයෙන් සංඥා පුහුණු පාසල බුවැලිකඩ නවතමයෙන් ඉදිකරන ලද සංනිවේදන විද්‍යාගාරය ඉන්දිය හමුදාධිපතිගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරව ශ්‍රි දළඳා වහන්සේ වැඳපුදා ගැනිමෙන් පසු ඔවුන් නැවති සිටි Earls Regency හෝටලයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

එමෙන්ම 2018.05.16 වන දින යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත පැමිණ කදවුරු සංචාරය සිදුකල අතර, පසුව නා පැලයක් කදවුරු භූමියේ රෝපණය කිරිමෙන් අනතුරුව නැවත මවු රටබලා පිටත්ව වන ලදි.