Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st May 2018 13:17:47 Hours

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය 2018.05.15 වන දින 0915 පැයේ සිට 1155 පැය දක්වා බදුල්ල රණවිරු ස්මාරකය අසලදි ඌව පළාත් ගරු ආණ්ඩුකාර වෙනුවට වැඩ බලන මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර පි බී දිසානායක මහතා හා ඌව පලාත් මහ ඇමති චාමර සමිපත් දිසානායක මහාතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එම උත්සවයේ යුද්ධ හමුදාව නියෝජනය කරමින් 02 x 31 ක භඨපිරිසක් 3(සෙවි) ශ්‍රිලංසිරෙ වෙතින්ද, යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමද, ශ්‍රිලයුපොහේබ වෙතින් 01 x 15 ක භඨපිරිසක්ද, බියුගල් නලා කරුවන්ද සහාභාගි වි ඇති අතර, එහි ආරාධිත අමුත්තන් ලෙස ජ්‍යේෂ්ඨ නිළධාරින් සමග ත්‍රිවිධ හමුදා/ පොලිස් ජ්‍යේෂ්ඨ නිළධාරින් සහභාගි වි ඇත.

තවද, එම රණවිරු සැමරුමි උත්සවය සංවිධානය සදහා ඌව පාලාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත 112 බළසේනාව වෙතින් පුර්ණ සහය ලබාදී ඇත.