Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st May 2018 17:18:49 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනීමක් මැඩපැවැත්වීම

අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයෙහි මොණරාගල නගරයේ හදිසි ගිනිගැනීමක් 2018.05.21 වන දින අළුයම 0200 පැයට පමණ ඇතිවු අතර යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගින්න මැඩපැවැත්වීම සිදුකරන ලදි.

මෙම හදිසි ගිනිගැනීම මොණරාගල නගරයේ සිට පොතුවිල් දක්වා මාර්ගයේ නව ලක්මිණි ට්‍රෙිඩි සෙන්ටර් ආයතතයේ හදිසි ගින්නක් ඇතිවු අතර. එම ගිනිගැනීම සැලවීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මකවු 121 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු 03 x 30 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.