Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th July 2018 22:08:00 Hours

නව නිපැයුම් ප්‍රදර්ශනය 2018

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව හමුදා නව නිපැයුම් ප්‍රදර්ශනය 2018 සියළුම ආසේමු ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යෙදා ඇති අතර, ඊට සමගාමිව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 2018 ජුලි මස 24 වන දින නව නිපැයුම් ප්‍රදර්ශයක් මෙම මුල දේශන ශාලාවේදි පවත්වන ලදි.

මෙහි සමාරම්භක උත්සවය ආඥාපති ආසේමු (මධ්‍යම) ගේ ප්‍රධානත්වයෙන් සිදු කල අතර, ඒ සඳහා මෙම මුලය යටතේ පාලනය වන සේමු/බසේමු/ ඒකකයන් හි ඡ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි. තවද මෙම ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් කුටි 19 ක ප්‍රමාණයක් මෙම මුලය යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකක හා පුහුණු පාසල් නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද අතර, ඉදිරිපත් කරන ලද නිර්මාණවල ගුණාත්මක භාවය හා නිර්මානශිලිත්වය/තාක්ෂණය යන කරුනු උපයෝගි කරගනිමින් විශිෂ්ඨතම නව නිර්මානය තෝරා ගැනිම සඳහා ඌව වෙල්ලස්ස විශ්ව විද්යායලයේ ආචාර්යයවරුන් වන ඊ ඩි එන් එස් අබේරත්න මහතා හා ඩි කේ ඩි ඩි ජයසේන මහතා විසින් විනිශ්චය සිදු කරන ලදි . මෙම ප්ර දර්ශනය නැරඹිම සඳහා මෙම ප්‍රදේශයේ පාසල් සිසු දරුදැරියන් විශාල පිරිසක් සහභාගිවන ලදි.

මෙම ප්‍රදර්ශනයේ පලවන, දෙවන, හා තුන්වන ස්ථානයන් පහත සඳහන් පරිදි හිමිකර ගන්නා ලදි.

පලවන ස්ථානය - ඩිසල් වහනවල ඉංජේක්ටරය පරික්ෂා කිරිමේ උපකරණය - 10 සෙව්ඉසේරෙ දෙවන ස්ථානය - සාම්පල් මිඩ් පැඩ් - 2 ශ්‍රිලංරබ තුන්වන ස්ථානය - විදුලියෙන් ක්‍රියා කරවන් පොටි කපන යන්ත්‍රය - 112 බසේමු