Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st July 2018 15:47:11 Hours

ලේවැල්ල පුරාණ ගංගාරාම විහාරයේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ලේවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ ගංගාරාම විහාරයේ පාසි බැඳිමෙන් අනතුරුදායක තත්වයට පත්වී ඇති බෝධින් වහන්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීම සහ එම පාසි ඇතුළු දිරාගිය අතු ඉවත්කර පිරිසිදු කර ගැනීම සඳහා ඇවැසි ශ්‍රමදායකත්වය ලබාදෙන එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේමු යටතේ රජකාරි නියුතු ඒකකයන් වෙතින් භඨපිරිස් යොදවා 2018.07.28 වන දින තත් කර්ය්‍ය ඉටු කරන ලදි .

ඒ අනුව තත් ශ්‍රමදාන වැඩ සටහන සඳහා භඨපිරිස් 02 x 25 ගේ සහාභගිත්වය ලාබාදෙන ලද අතර, එම කර්ය්‍ය සර්ථකව ඉටුකිරිම සැබඳිව එම විහාරස්ථාන විහාරාධිපති හිමියන් විසින් ස්තුතිය පිරිණමන ලදි.