Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th August 2018 11:49:01 Hours

ලේ දන්දිමේ කදවුරක් සඳහා භඨපිරිස් සහභාගි කරවීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු කැබිල්ලේවෙල ශ්‍රි සුදර්මෝදය මහ පිරිවෙනෙහි අපවත් වී වදාල පූජ්‍ය කන්දේගෙදර ශ්‍රි සුමනවංශාභිධාන නායක මාහිමිපානන් වහන්සේගේ 14 වැනි ගුණ සමරු පිංකම වෙනුවෙන් ලේ දන්දිමේ කඳවුරක් 2018.08.05 වන දින එම පිරිවෙන් පරිශ්‍රයේදි පවත්වන ලද අතර, එම ලේ දන්දිමේ කඳවුර සඳහා ලේ පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි සුදර්මෝදය මහ පිරිවෙනෙහි විහාරධිපති හිමියන් විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ආඥාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ මෙම මුලයේ හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි නියුතු භඨපිරිස් 00x25 ක් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.

තවද, එම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්කාර්යය ඇගයිමට ලක් කරමින් පිරිවෙනෙහි වැඩවාසි සංඝයා වාහනසේලා විසින් සහභාගි වු භඨ පිරිස් හට හා සමස්ථ යුද්ධ හමුදාවට ආශිර්වාද පුර්වකව ස්තුතිය පුද කරන ලදි.