Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2018 18:09:26 Hours

දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදායන වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදායනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018.08.07 වන සිදුකරන ලදි.

ඒ අනුව දියතලාව නගරය සිට හපුතලේ ‍ය් හන්දිය දක්වා මාර්ගය හා දියතලාව නගරය කේන්ද්‍රකර ගනිමින් පිරිසිදු කිරීම මෙම ආරක්ෂක සේනා මධ්‍යම සහ යටතේ ස්ථාන ගත ඒකකයන් හා පුහුණු පාසල් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 02 x 130 කගේ සහභාගිත්වයෙන් එම කර්තව්‍ය ඉතා සර්ථකව සිදුකරන ලදි.