Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2018 18:56:47 Hours

11 සේමු වෙතින් "පරිසරය පූජනියයි " පාරිසරික ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථාන බළප්‍ර‍දශයේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇසල පෙරහැරට පෙර "පරිසරය පූජනියයි " තේමාව යටතේ නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි හා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018 අගෝස්තු 06 වන සිදුකරන ලදි.

මෙම වැඩසටහන මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය ගරු සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර , ඒ සඳහා 11 වන සේනාංකය යටතේ පාලනය වන ඒකකයන් හා පුහුණු පාසල් යටතේ රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 02 x 60 ක් හා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, සියළු රාජය හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඉතා සර්ථකව සිදුකරන ලදි