Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th August 2018 11:51:04 Hours

"සහසක් තුරු’ දීප ව්‍යප්ත රුක් රෝපණ වැඩසටහන

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කල "සහසක් තුරු’ දීප ව්‍යප්ත රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලවියාඉපුපා ගන්නෝරුව යුද්ධ හමුදා කඳවුර ඉදිරපිට පිහිටි භූමි ප්‍රදේශයේදී 2018.08.09 වන දින 0830 පැයට සිදු කරන ලදි.

ඒ අනුව තත් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා 11 වන සේනාංක සේනංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ශ්‍රිලවියාඉපුපා වෙත අයත් භඨපිරිස්හි දායකත්වය ලබාදුන් අතර, රුක් රොපණ වැඩසටහනෙහි ආරම්භයක් වශයෙන් කුඹුක් සහ මී වර්ගයේ පැල 50 ක් කඳවුර ඉදිරිපස භූමියෙහි සිටුවන ලදි.