Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th August 2018 12:16:11 Hours

අපොස (උ/පෙළ) පෙනී සිටින සිසු සිසුවියන් හට ප්‍රවාහන පහසුකම් ලබා දීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත 11 වන සේනාංක බළප්‍රදේශයේ අපොස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් හට දැනට ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරිමට අවස්ථාව සලසා දීම සඳහා යුද්ධ හමුදාවට අයත් බස්රථ යොදවා ගැනීමට යුද්ධ හමුදාධිපති තුමන් ගනු ලැබු තිරණය අනුව 11 වන සේනාංක බළප්‍රදේශයේ ජතික ගමනා ගමන මණ්ඩල පාලන අධිකාරිය වෙතින් ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළබඳ විමසන ලදි.

ඒ අනුව ජාතික ගමනා ගමන මණ්ඩලයේ ඉල්ලීම මත මෙම මුළ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ කඩුගන්නව සහ පිළිමතලාව යන ප්‍රදේශවල සිට අපොස (උ/පෙ) විභාගයට පෙනි සිටිම සඳහා මහනුවර දෙසට ගමන් ගන්නා සිසු සිසුවියන් හට ප්‍රවාහන පහසුකම් සැපයීමට 11 වන සේනාංකය හා ඊට අයත් බළසේනා ප්‍රදේශයේ පිහිටි පුහුණු පාසැල් වලට අයත් බස් රථ 06 ක් යොදවා ගන්නා ලදි.

උක්ත වැඩසටහන ගමන් වාර දෙකක් වශයෙන් ක්‍රියාත්මක විය. එහි දී ප්‍රථම ගමන් වාරය උදැසන 0645 පැයට සහ දෙවන ගමන් වාරය 1045 පැයට කඩුගන්නාවේ සහ පිළිමතලාව සිට මහනුවර දක්වා අපොස (උ/පෙ) විභාගය සඳහා සහභාගි වන සිසු සිසුවියන් ප්‍රවාහනය කරන ලද හෙයින් තත් වැඩසහන සර්ථකව නිමවු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මහජනතාවගේ සහයෝගය සහ ප්‍රණාමය හිමිවිය.