Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th August 2018 09:28:59 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) මූලස්ථාන බල ප්‍රදේශයෙහි හල්දුමුල්ල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් සීලවත්ත ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.08.11 වන දින 1600 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මූලයේ රාජකාරි නියුතු 01 x 23 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම ගිනිගැනීම මැඩපැවැත්වීම සදහා සහය ලබා දෙන ලදී.