Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th October 2018 11:26:58 Hours

ආපදා සහන කටයුතු සිදු කිරිම

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බලන, කැටකුඹුර හා අමුණුපුර ප්‍රදේශයට 2018 ඔක්තෝබර් මස 05 වන දින ඇතිවු අධික සුළං තත්වයක් හේතුවෙන් නිවාස 50 කට අධික ප්‍රමාණයකට දැඩි අලාභහානි සිදුවන ලදි.

මෙම ආපදා තත්වය සැලවීමත් සමග මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංකය බළ ප්‍රදේශයේ ස්ථානගත 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත දැනුම් දිමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මක වු 03 x 55 කින් යුත් භටපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර ආපදාවට ලක්වු ජනතාව වෙත සහන කටයුතු සිදු කරමින් පවති.