Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th October 2018 15:35:37 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව දියතලාව මුලික රෝහල හා ආයුර්වේද රෝහලේදි ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් දියතලාව මුලික රෝහල හා ආයුර්වේද රෝහල් පරිශ්‍රයන්හි ශ්‍රමදාන වැඩසටහනක් 2018.10.09 වන දින උදැසන 0800 පැයේ සිට 1300 පැය දක්වා සිදු කරන ලදි.

තත් කාර්යය මෙම මුලයේ හා යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 15 x 105 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සර්ථකව සිදු කල අතර, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරනු එම මහගු කර්තව්‍ය සැබැදිව එම රෝහලේ අධ්‍යක්ෂක තුමන් ඇතුලු රෝහල් හි කාර්යය මණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ මහත් පැසසුමට ලක්වන ලදි.