Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2018 16:33:31 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව සෙබළ පා ගමනක් පැවැත්වීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පී එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් කිරිමට සැලසුම් කර ඇති අතර, එහි අවසන් අංගය වශයෙන් බණ්ඩාරවෙල නගර සභා ක්‍රිඩාංගණයේ සිට දියතලාව පෝලෝ ක්‍රිඩාංගණය දක්වා සෙබළ පා ගමනක් 2018.10.10 වන දින උදැසන 0800 පැයේ සිට 1000 පැය දක්වා සිදු කරන ලදි.

තත් කර්යය ස‍ඳහා මෙම මුලයේ හා යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 12 x 362 දෙනෙකු සහ තුර්ය වාදක කණ්ඩායම් 03ක සහභාගීත්වයෙන් ගාම්භිරත්වයේන් යුතුව යුද්ධ හමුදාවේ ගෞරවය හා අභිමානය විදහා දක්වමින් ඉතාමත් සාර්ථකව සිදු කරන ලදි.