Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2018 17:33:50 Hours

69 වන යුද්ධ හමුදා දිනය සැමරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ සැමරුම් උලෙළක් 2018.10.10 වන දින සිදු කරන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති තුමා විසින් සමිප්‍රධායානුකුලව යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීතය ගයනා කිරිමෙන් අනතුරුව මියගිය යුද්ධ හාමුදා නිළධාරින් සෙසුනිළයින් සිහිකර විනාඩි දෙකක නිශ්ෂබිධ තාවයක් සුරකින ලදි. ඉන් අනතුරුව යුද්ධ හාමුදා හමුදාධිපති වෙතින් සමස්ත යුද්ධ හමුදා සමාජිකයින් වෙත නිකුත් කරනු ලැබු පණිවිඩය මෙම මුල මානි 1 (භකාස) ලුතිතන් කර්නල් එස් පි මලවරගේ ආර්ඩබිපි ආර්එස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සියළුම නිලධාරින්/සෙසුනිලයින් හට ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම යුද්ධ හමුදා දිනය සනිටුහන් කිරිම සදහා මෙම මුල ආඥාපතිතුමාගේ සුරතින් ඇපල් පැලයක් බනි/සැරයන් නිවස්න පරිශ්‍රයේදි රෝපණය කරන ලද අතර, ඒ අනුව තත් වැඩසටහන සඳහා මෙම මුලය හා යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 30 x 250 ක භඨපිරිසක් සහභාගිවන ලදි.