Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th October 2018 13:05:21 Hours

11 වන සේනාංකය වෙතින් තවත් ආගමික සත්කාරයක් සිදු කිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය(මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් මහනුර දිස්ත්‍රික්කයේ බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිකාරි පූජ්‍ය මැණික්හීන්නේ ධම්මානුශාව ස්වාමීන් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේනාංකයේ සේනාංකාධීපති මේජර් පෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය හා මගපෙන්වීම මත 11 වන සේනාංකයේ රාජකාරි නියුතු භටපිරිස් 2018 ඔක්තෝබර් මස 09 වන දින 0800 පැයේ සිට 1600 දක්වා ජල ටැංකියක් ඉදිකිරිම සඳහා ඇවැසි අමු ද්‍රව්‍ය රැගෙනයාම සඳහා දායකත්වය ලබා දෙන ලදි.

ඒ අනුව මෙම පුණ්‍ය කටයුත්ත සඳහා 02 x 60 කින්යුත් භඨපිරිසක් බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනය වෙත ගොස් එම ජල ටැංකිය ඉදිකිරිමට අවැසි ගල්, වැලි සහ මැටල් තම කරමතින් කිලෝමිටරයක් පමණ වු දුෂ්කර මාර්ගයක එම ස්ථානය වෙත රැගෙන යන ලදි. එම පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදිම පිලිබඳව ඊට සහය දැක්වු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් හට මෙන්ම සමස්ත යුද්ධ හමුදා සාමාජිකයින් හට එම ආරණ්‍ය ස්වමින්වහන්සේ ඇතුලු ආරණ්‍ය වාසි සියලුම ස්වාමීන් වහන්සෙලා විසින් ආශිර්වාදය හා ප්‍රශංසාව පිරිනමන ලදි.