Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th October 2018 09:44:40 Hours

යුද්ධ හමුදා 69 වන සංවත්සරය වෙනුවෙන් 12 වන සේනාංකය හා යටතේ ඇති බළසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන් වෙතින් වැඩසටහන් මාලා පැවැත්වීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩ සටහන් මාලා කිහිපක් 12 වන සේනාංකය හා යටතේ ඇති බළසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන් වෙතින් 2018.10.10 වන දින සිදු කරන ලදි.

ඒ අනුව 12 සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී සාම්ප්‍රදානුකූලව යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගිතය ගයනා කිරිමෙන් පසු මියගිය යුද්ධ හමුදා නිළධාරින්/සෙසුනිළයින් සිහිකර විනාඩි දෙකක නිෂ්ශබ්ද තාවයක් සුරකින ලදි. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති වෙතින් සමස්ත යුද්ධ හමුදා සමාජිකයින් වෙත නිකුත් කරනු ලැබු පණිවුඩය එම සේනාංක කර්නල් (පාලන/භකාස) කර්නල් එස් එන් කිතුල්ගොඩ යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් සියළුම නිළධාරින්/සෙසුනිළයින් හට ප්‍රකාශයට පත්කරන ලදි.

එමෙන්ම බළසේනා මුලස්ථාන හා යටතේ ඇති ඒකකයන් වෙතින් යුද්ධ හමුදා දිනය සමගාමීව පා ගමනක්ද සිදුකර අතර, මොණරාගල දිස්ත්‍රික් රෝහල ඒකාබද්ධව 9 ශ්‍රිලංසිරෙ, 18 ගැහේබ රාජකාරි නියුකු සෙනින් 71 දෙනෙකුගේ සහභාගිත්යෙන් ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත් වු හෙයින් 121 බළසේනා මුලස්ථානයේ කර්නල් එන් සි සෝමවීර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මෙහෙය වීම මත අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් සදහා කොළඹ කැපිටල් සිටි ආයතනයේ අනුග්‍රහක දායකත්වයෙන් අපොස (සා/පෙළ) ප්‍රශ්නෝත්තර පොත් කට්ටල 120 ක් බෙදාදීමේ වැඩ සටහනක් මොණරාගල අධයාපන කලාපයට අයත් මැදගම ජාතික පාසලේදි සිදු කරන ලදි.