Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th October 2018 09:54:10 Hours

අහයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බීදි ගිය වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරිම

මෙම දිනවල පවතින අධික වැසි සහිත කාළගුණික ත්තවය හේතුවෙන් 2018.10.09 වන දින 1700 පැයට පමණ බලහරුව බටගලආර වැව් බැම්මේ කොටසක් බිදි යාම නිසා අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව 12 සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගෙ උපදෙස් පරිදි භඨපිරිස් ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.

එබැවින් 5 වන ගැමුණු හේවා බළඇණිය සහ 18 වන ගැමුණු හේවා බළඇණිය මෙන්ම කමන්ඩො රෙජිමේන්තු පුහුණු පාසල වෙතින් රාජකාරි නියුතු 02 x 72 භඨපිරිසක් එම ස්ථානය වෙත රපොර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදවා එම වැව් බැමිම නැවත යතාතත්වයට පත් කරන ලදි.