Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th March 2024 16:55:52 Hours

සෙල්ලකතරගම සිට බුත්තල දක්වා වු මාර්ගය දෙපස පිරිසිදු කිරිමේ වැඩ සටහනක් සිදුකරන ලදි

කතරගම සිට බුත්තල මාර්ගයේ සෙල්ලකතරගම සිට ගෝණගංආර දක්වා යාල වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගය දෙපස නිරන්තරයෙන් ගැවසෙන වන අලින් ඇතුළු සතුන් හට එම මාර්ගය භාවිතා කරන අයවළුන් විසින් පලතුරු හා වෙනත් ආහාර පොලිතීන් සහ ප්ලාස්ටික් බඳුන් වල දමා ලබාදිම සිදුකරනු ලබයි.එම පොලිතීන් හෝ ප්ලාස්ටික් බදුන් දීර්ඝ කාලයක් තිස්සේ වනාන්තරයට බැහැර කිරීම හේතුවෙන් කි:මි: 08 ක් පමණ වු මෙම මාර්ගය දෙපස අපවිත්‍ර වී ස්වාභාවික සුන්දරත්වයට සහ වන සතුන්ගේ ජීවිතවලට ද විශාල බළපෑමක් එල්ලකර තිබිනි.

ඒ අනුව පැනනැග තිබු තත්වය අවබෝධ කරගත් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් අනුව 121 වන පාබළසේනා මුලස්ථාන බළසේනාධිපති ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ මෙම මාර්ගය දෙපස පොලිතීන් හා ප්ලාස්ටික් වැනි පරිසරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරිමේ ඒකාබද්ධ සමාජ සත්කාර වැඩසටහනක් 2024.03.05 වන දින සිදුකරන ලදි.

තවද එම කාර්්‍යය සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති,121 පාබල බළසේනාවේ බළසේනාධිපති ඇතුළු 20 වන බළඇණිය සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් හා සෙබලුන් යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගිවිය.එමෙන්ම බුත්තල ප්‍රාදේශිය ලේකම් සහ එම කාර්යාලයේ සේවක මඩුල්ල,කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, කතරගම වන ජීවී කාර්යාලයේ නියෝජිතයින්,ගෝණගංආර පොලීසියේ නියෝජිතයින්,ගෝණගංආර ධීවර කමිටුවේ සාමාජිකයින්,ගෝණගංආර සිවිල් ආරක්‍ෂක කමිටුවේ සමාජිකයන් සහ ප්‍රදේශයේ සිවීල් ජනතාව ඇතුළු 200 කට ආසන්න පිරිසක්ද සහභාගිවන ලදී.

ඒ අනුව යුද්ධ හමුදා නායකත්වය ගෙන සිදුකරනු ලැබු මෙම මහඟු සමාජ සත්කාර වැඩසටහනට රාජ්‍ය ආයතන හා සිවීල් සාමාජ වෙතින් පැමිණි සිටී සියළුම දෙනාගේ පැසසුමට ලක් වු අතර,මෙවැනි දැවැන්ත කාර්යයක් ඔවුන් හට කිසිම ආකාරයකින් තනිව සංවිධානය කර ඉටුකල නොහැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.මෙවැනි කාර්යයන් ඉටුකිරිමට යුදුධ හමුදාවට අවශ්‍ය අනුබලය ලබාදීම සම්බන්ධව විශේෂ ස්තුතියක් යුද්ධ හමුදාධිපති වෙත පිරිනමන ලදී.