Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th March 2024 19:17:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 11 වන සංවත්සරය උත්සව මාලාවක් පවත්වමින් අභිමානවත් ලෙස සමරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කර වසර 11 ක් සපිරීම නිමිත්තෙන් 2024.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් පවත්වමින් සංවත්සරය සමරන ලදි.

ඒ අනුව 2024.03.12 වන දින අමුණුදෝව - බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සහ එහි අවට සුද්ද පවිත්‍ර කිරිමට කටයුතු කල අතර, එහි සිටින වැඩි හිටි අයගේ සුවතාවය සදහා කොණ්ඩා, රැවුල්බා නැහැවීමට කටයුතු සිදුකරන ලද අතර, 2024.03.13 වන දින ඔවුන් උදෙසා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කිරිමටත්, එම අවස්ථාව සදහා ඔවුන් වෙනුවෙන් මියුරු සංගීතමය රසවින්දනය ලබාදීමටද කටයුතු කරන ලදි. පසුව එදින සන්ධ්‍යා කාලයේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරි හා සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් සුහදත්වය වර්ධනය කිරිම සඳහා ක්‍රීකට් තරඟයක් පැවැත්වීමට කටයුතු කර එහි ශුරතාවය හා අනුශුරතාවයන් ලබාගත් කණ්ඩායම් වෙත ත්‍යාග හා තිළිණ ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගෙ සුරතින් පිරිනැමිම් කටයුතු කල අතර, එදින සවස් කාලයේ මෙම මුලස්ථානයේ බුද්ධ මන්දීරය අභියස පහන් දල්වා බුද්ධ වන්දනා සුමඳුර ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු සිදු කරන ලදී.

2024.03.14 වන දින දහවල් භික්ෂුන් වහන්සේලා 25 නමක් මෙම මුලස්ථානය වෙත වැඩම කරවා දහවල් දානමය පින්කමක් සිදු කිරිමට කටයුතු කරන ලදි. සංවත්සරය සනිටුහන් කරමින් එදින රාත්‍රි සියළු නිලයන් සඳහා සංගිත ප්‍රසංගයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් ගෝල්ෆ් ක්‍රිඩා පිටියේ හි පවත්වා වැඩසටහන් මාලාව නිමාවට පත්කරන ලදි.